gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

උත්සව සැමරීම පවුලේ අයට විතරයි

 
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් මෙම වසරේදී උත්සව සමය සැමරීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙවර උත්සව සමය සැමරීමේදී එය පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා කර නිරෝධායන නීතිරීතිවලට සියයට සියක් අනුගතව එම කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සති අන්තයේ බස්නාහිර පළාතෙන් සෙසු පළාත් වෙත සිදුකරන සංචරණය හැකි තරම් සීමා කරන ලෙසත් අත්‍යවශ්‍යම කරුණකට හැර නිවෙස්වලින් බැහැරව යාම සීමා කරන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියේය. 

කණ්ඩායමක් හෝ සමූහයක් ලෙස කටයුතු කිරීම කොවිඩ් 19 ව්‍යාප්තියට හේතුවක් වන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසයි.

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka